රනිල්ට ඡන්දය දෙන මන්ත්‍රීවරුන්ට අන්තරෙන් අනතුරු ඇඟවීමක් (VIDEO)

ජූලි 20 වැනිදා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන නව ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමේ ඡන්ද විමසීමේ දී රනිල් වික්‍රමසිංහට ඡන්දය ලබා දෙන්නේ නම්

ජනතාවගේ ප්‍රතිචාර ද බලාපොරොත්තුවෙන් සිටින ලෙසට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අනතුරු අඟවා සිටියි.

''රනිල්ට ඡන්දෙ දීලා ජනාධිපති පුටුවට පත් කරන්න කවුරුම හරි මන්ත්‍රී කෙනෙක් හිතාගෙන ඉන්නවනම් ඒවට ජනතාව උත්තර දෙන්න ලෑස්තියි. ගෙවල් වලට ඇවිල්ලා, තමන්ගේ නගරවලට ඇවිල්ලා ජනතාව උත්තර දෙන්න ලෑස්තියි.. ඒ නිසා අපි කියනවා කරුණාකර ඔය පුටුවෙන් බැහැල යන්න කියලා''

වසන්ත මුදලිගේ ඒ බව කියා සිටියේ, අරගලය වෙනුවෙන් දිවි පිදුවන් සැමරීම සඳහා ඊයේ (16) ගාලුමුවදොර අරගල භූමියේදී සිදුකෙරුනු සමරු වැඩසටහනක දිය.