ජනපතිගේ කතාව ගැන සජිත්ගෙන් යහපත් ප්‍රතිචාරයක් (VIDEO)

ජනාධිපතිවරයාගේ සමස්ත කතාවම ධනාත්මක හරාත්මක එකක් නමුත් දේශපාලනයේ දී කතා කිරීම හා ක්‍රියාව අතර ලොකු පරතරයක් තිබෙන බව විපක්ෂ

නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කථාව අවසන් වීමෙන් පසුව පාර්ලිමේන්තු සභා ගැබෙන් පිටත දී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ඇමැති කටු සූප්පු කර අවස්ථාවාදී සර්වපාක්ෂික පාලනයකට ප්‍රවිෂ්ට වීමට කවුරු හරි හිතනවා නම් එය ජනතාවාදී සර්වපාක්ෂික ක්‍රමයක් නොවන බවත් එය ජනතාවගේ කරපිට තවත් බරක් පටවන පාලනයක් බවත් කී විපක්ෂ නායකවරයා එවැනි දෙයක් ජනාධිපති කතාවෙි අඩංගු නොවීම ගැන සතුටු වන බව ද එහිදී පැවසී ය.