මුරුත්තෙට්ටුවේ හිමිගේ 'අරගලයේ දෝංකාරය' ජනපතිට පිළිගන්වයි

නාරාහේන්පිට අභයාරාමාධිපති බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් රචිත “ජන අරගලයේ දෝංකාරය” ග්‍රන්ථය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පිළිගැන්වීම ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (14) පස්වරුවේ සිදු විය

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මිට ඉහතදී “නොනවතින අරගලයක සැබෑ කතාව, හෙළ වෙදකමේ යටගියාව, නයිටින්ගේල් චරිතය, ජීනිවා අර්බුදයේ දෝංකාරය, රන් හිය හා අඳුරෙන් එළියට” යන කෘති එළිදක්වා තිබේ. 

ගැටමාන්නේ ගුණානන්ද හිමිද පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක ද කෘතිය පිළිගැන්වීමේ අවස්ථාවට සහභාගී වූහ.

muruththettuwa hamuduruwo 2