වින්ඩි ගුණතිලකට ජාත්‍යන්තර සම්මානයක්

ශ්‍රී ලංකික ද්‍රවිඩ ගීතයක්වන "අයියෝ සාමී" ගීතය ගායනා කරන වින්ඩි ගුණතිලක දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර පැවති 16 වැනි එඩිසන් සම්මාන උළෙලේදී 2023 වසරේ ඉදිරිපත් වූ විශිෂ්ඨතම සංවේදී ගීතයට හිමි සම්මානය දිනාගෙන තිබේ.

මෙම සම්මානය හිමිකර ගත් ඇය ඊයේ (26) කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් මෙරටට පැමිණියාය.

මෙම සම්මාන උළෙල ජාත්‍යන්තර චිත්‍රපට ගීත ඇගයීම සඳහා පසුගියදා ඉන්දියාවේ පැවැත්වුණි.

සම්මාන උළෙල සඳහා ගීතය රචනා කළ පොතුවිල් අස්මින් සහ එහි සංගීත අධ්‍යක්ෂණය කළ සනුක වික්‍රමසිංහ ද එක්වුණි.

එහිදී අයියෝ සාමි ගීතය ගායනා කරන වින්ඩි ගුණතිලකට 2023 වසරේ ඉදිරිපත් වූ විශිෂ්ඨතම සංවේදී ගීතයට හිමි සම්මානය පිරිනැමුණි.

ඇයව පිළිගැනීම සඳහා ඊයේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට විශාල පිරිසක් එක්ව සිටියහ.

එහිදී අදහස් දැක්වු වින්ඩි ගුණතිලක,

"පළමු වතාවට ජාත්‍යන්තර සම්මානයක් හම්බ වුණේ. හරිම සතුටුයි ලංකාවට ප්‍රසන්ට් කරන්න ලැබුණ එක ගැන."

 

(Ada derana)