අගමැති චීනයේදී මෙරට ව්‍යාපෘති ගැන මතක් කරයි

ආසියාව සඳහා වූ බොආඕ සංසදයේ වාර්ෂික සම්මන්ත්‍රණය

සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහභාගීවී තිබේ.

චීනයේ හයිනන් නුවර පැවැති මෙම සම්මන්ත්‍රණයට එක්වු අග්‍රාමාත්‍යවරයා එහිදී විශේෂ ආමන්ත්‍රණයක් සිදුකළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසීය.

ආදායම සාධාරණ ලෙස බෙදීයන... දිළිඳුකමින් තොර ආසියාවක් ගොඩනැඟීමට කැපවන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී සියලු ආසියානු රටවලින් ඉල්ලීමක් සිදු තිබේ.

කෘෂිකාර්මික වර්ධනය සහ ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා නව මුල්පිරීම් අවශ්‍ය බව එහිදී පෙන්වාදී ඇති අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ එමඟින් දිළිඳුකම තුරන් කිරීම පමණක් නොව සමාජ සහජීවනය සහ සාමය ද සහතික වන බවය.

කොළඹ වරාය, හම්බන්තොට වරාය මෙන්ම කොළඹ වරාය නගරය පුළුල් කිරීම පිළිබඳව ද අග්‍රාමාත්‍යවරයා මෙම සම්මන්ත්‍රණය අමතමින් පැහැදිලි කිරිමක් සිදුකළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් සදහන් කළේය.