ශ්රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුරය දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී
හා දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති කේ. එච්. නන්දසේන මහතා අභාවප්රාප්ත වී තිබේ.
හදිසි රෝගී තත්ත්වයකින් ඒ මහතා මියගිය බව වාර්තා වේ.
මියයන විට ඒ මහතා 70 වන වියේ පසුවුණි.
2020 වසරේදී ඔහු පළමු වරට මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුණි.
(Ada derana)