විශේෂ මත්පෙති වර්ගයක් සහ ගංජා සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

විශේෂ මත්පෙති වර්ගයක් සහ ගංජා සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

පානදුර, හිරණ ප්‍රදේශයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය ආදේශයක් ලෙස

භාවිත කරන මත්කරල් තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කළුතර අපරාධ කොට්ඨාසය විසින් අද (04) අලුයම සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේය.

එහිදි සැකකරු සතුව තිබී මත්කරල් 76,796ක තොගයක් සහ ගංජා කිලෝග්‍රෑම් එකකක් පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු 38 හැවිරිදි අයෙකු වන අතර සිද්ධිය සම්බන්ධයෙන් කළුතර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ අතර කොකේන් මත්ද්‍රව්‍ය ජාවාරමක නිරත වූ නයිජීරියානු ‍ජාතිකයෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දකුණු අප්‍රිකාවේ සිට ඩුබායි රාජ්‍ය හරහා ගුවන් තැපැල් මඟින් ඔරුගොඩවත්තේ පිහිටි භාණ්ඩ බෙදාහැරීමේ ආයතනයකට මත්ද්‍රව්‍ය පාර්සයක් ලැබී ඇති බවට ලද තොරතුරකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7ක රැඳවුම් නියෝග ලබාගෙන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.

එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, අවුරුදු 25 සහ 30 යන වයස්වල පසුවන බොරැල්ලේ සහ මාලඹේ පදිංචිකරුවන් දෙදෙනෙකු සහ 38 හැවිරිදි නයිජීරියානු ජාතිකයෙකි.

(Ada derana)

Search