සුරාබදු බලපත්‍ර ලබාදීම නතර කර නොමැති බව
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ, අදාළ බලපත්‍ර ලබාදීමේ කටයුතු නිසි ක්‍රමවේදයක් යටතේ සිදුකිරීමට උපදෙස් ලබා දී ඇති බවය.
සුරාබදු බලපත්‍ර ලබාදීම නතර කර ඇති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ බව සඳහන් කළේය.
"සුරාබදු බලපත්‍ර ලබාදීම අපි ඉතාමත් ක්රමානුකූල ක්‍රමයකට තමා අපි කරන්නේ. ඒකට පාර්ලිමේන්තුවේ අනුමත වූ නීතිරීති මත යම් කෙනෙක් බලපත්‍රයක් ඉල්ලුවහම විරෝධතා කැඳවීම්, ප්‍රදේශයේ ජනතාවගේ විරෝධය, මේ සියලු දේ බලලා තමා නිකුත් කිරීම කරන්නේ. කෙසේවෙතත් මට සුරාබදු දෙපාර්තමේන්තුව වාර්තා කළේ, උසාවිය විශේෂයෙන්ම කියලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ අනුමත නීතිරීති මත පමණක් බලපත්‍ර නිකුත් කරන්න කියලා. ඒක සුරාබදු බලපත්‍ර ලබාදීම නැවැත්වීමක් නෙමෙයි. නීතිරීති වඩාත් ක්‍රියාත්මක කරන්න කියලා දුන්න දෙයක්. ඒක ඉතාමත් හොඳයි. අපි දැනටමත් ඒක අනුගමනය කරනවා. සපුරා බලපත්‍ර ලබානොදීමක් නෑ."
(Ada derana)