පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා
අද (05) පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ තිබේ.
ඒ, අරගල සිද්ධීන්වලින් පසුව ස්ථාන මාරුවීම් ලද පොලිස් ස්ථානාධිපතිවරුන් 05 දෙනෙකු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ය.
අරගල සිද්ධීන්වලින් පසුව මාරුවීම් ලද පොලිස් ස්ථානාධිපතිවරු පස් දෙනෙකුට සුදුසු පොලිස් ස්ථාන ලබානොදීම සම්බන්ධයෙන් ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඔවුන්ගේ නීතිඥවරුන් කරුණු ඉදිරිපත් කර තිබුණි.
එම කරුණු සලකා බැලීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් විමසීම සඳහා පොලිස්පතිවරයාට අද දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා විනිසුරු මඩුල්ල විසින් ඊයේ නොතීසි නිකුත් කෙරුණි.
(Ada derana)