දියේ ගිලී වාර්ෂිකව ජීවිත 800ක් අහිමි වෙයි

දියේ ගිලී වාර්ෂිකව ජීවිත 800ක් අහිමි වෙයි

දියේ ගිලීම් හේතුවෙන් දෛනිකව පුද්ගලයින් මියයෑමේ

ප්‍රමාණය ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝනොවන රෝග ඒකකයේ අනතුරු නිවාරණය සහ කළමනාකරණය පිළිබදව අංශ ප්‍රධානී ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා පවසයි.

වාර්ෂිකව පුද්ගලයින් 800කගේ පමණ ජීවිත දියේ ගිලීම් හේතුවෙන් අහිමි වී යන බව  විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා කියා සිටියේය.

"සාමාන්‍යයෙන් ලංකාවේ දෙන්නෙක් හෝ තුන්දෙනෙක් දියේ ගිලීම්වලට ලක්වෙලා මිය යනවා. ඒ ප්‍රමාණය අපේ තියෙන තොරතුරු එක්ක සාමාන්‍යයෙන් 700 - 800ක් අතර ප්‍රමාණයක්. අවුරුදු කාලේ මේ ප්‍රවණතාවය යම් වැඩිවීමක් දක්නට ලැබෙනවා."

නුපුරුදු ස්ථානවල දිය නෑමේ දී ඒ සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා පැවසුවේය.

(Ada derana)

Search