ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයින්
රැසක් මේ වනවිට කොළඹ පදනම් ආයතනයට රැස්ව සිටී.
එම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපතිනි, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද එක්ව ඇත.
නිදහස් පක්ෂය තුළ මතුව ඇති අර්බුදකාරී වාතාවරණය හමුවේ පක්ෂයේ ජ්‍යේෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් අද (08) උදෑසන 10ට දේශපාලන මණ්ඩලයේ හදිසි රැස්වීමක් කැඳවා තිබිණි.
කෙසේවෙතත් මෙලෙස දේශපාලන මණ්ඩල රැස්වීමක් කැඳවීමට පක්ෂයේ ජ්‍යේෂ්ඨ උප සභාපතිවරයාට කිසිදු නීතිමය හැකියාවක් නොමැති බව පවසනමින් පක්ෂ ප්‍රධාන ලේකම්වරයා විසින් නිමල් සිරිපාල ද සිල්වා මහතා වෙත ලිපියක් යොමුකර ඇත.
(Ada derana)