පුද්ගලයෙකුව ඝාතනය කර වැවට දාලා

පුද්ගලයෙකුව ඝාතනය කර වැවට දාලා

හිඳෝගම පොලිස් වසමේ දිවුල්වැව ප්‍රදේශයේ වැවෙහි

නාඳුනන මෘත ශරීරයක් ඇති බවට හිඳෝගම පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන අරඹා තිබේ.

ඒ අනුව මෘත ශරීරය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ දී මියගිය පුද්ගලයා 45 හැවිරිදි දංගහකඩවල, හිඳෝගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවට අනාවරණය වී ඇත.

මෘත ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව තියුණු ආයුධයකින් පහරදී මෙම පුද්ගලයා ඝාතනය කර ඇති බවට අනාවරණය වී තිබේ.

වැඩිදුරටත් සිදුකළ විමර්ශනයේ දී ඝාතනය සම්බන්ධයෙන් අවුරුදු 24ක් වූ මියගිය පුද්ගලයාගේ පුතා සහ ඊට අනුබල දුන් අවුරුදු 39ක් වූ මියගිය පුද්ගලයාගේ බිරිඳ ඊයේ (09) අත්අඩංගුවට ගෙන ඇත.

පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් නිවසේ දී මෙම ඝාතනය සිදුකර ඇති බවට අනාවරණය වී ඇති අතර, ඝාතනයෙන් පසු මෘත ශරීරය රැගෙන යෑමට භාවිත කළ ත්‍රිරෝද රථයක් ද  පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

හිඳෝගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි. 

(Ada derana)

Search