ඇවිලෙන ගින්දරට පිදුරු දමන ජෝ බයිඩන්

ඉහළ පෙළේ අණ දෙන නිලධාරීන් ඝානතනය කළ

ගුවන් ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරානය ඊශ්‍රායලයට පහර දෙනු ඇතැයි තමා අපේක්ෂා කරන බව එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පවසයි.

සිරියාවේ ඉරාන කොන්සල් කාර්යාලයට ප්‍රහාරයක් එල්ල කළ බව ඊශ්‍රායලය පිළිගෙන නොමැති වුවත් එම ප්‍රහාරය පිටුපස ඊශ්‍රායලය සිටින බවට ඉරානය පවසා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

කෙසේ වෙතත් ඕනෑම ප්‍රහාරයකින් තමන් ආරක්ෂා වීමට සූදානම් බව ඊශ්‍රායලය පවසා ඇති අතර අමෙරිකානු ජනපති ජෝ බයිඩන් පවසා ඇත්තේ ඊශ්‍රායලයේ ආරක්ෂාව සඳහා කැපවී සිටින බවය.

ඉරනයේ අනතුරු ඇඟවීම් හමුවේ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සිය යුද කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් හමුවී ඇති බවද වාර්තා වේ.

මේ අතර ඉරානයේ සිටින ජර්මානු ජාතිකයින්ට එරටින් ඉවත් වන ලෙසට ජර්මනිය අනතුර අඟවා තිබේ. 

ඒ ඉරානය සහ ඊශ්‍රායලය අතර යුධමය තත්ත්වයක් වර්ධනය වෙතැයි වාර්තා වීම හේතුවෙනි.

(Ada derana)