දුම්රිය 11ක් අවලංගු වෙයි

අද උදෑසන කාර්යාල දුම්රිය ගමන්වාර 11ක්

අවලංගු කිරීමට සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ රියදුරන් සහ නියාමකවරුන් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් මෙලෙස දුම්රිය ගමන්වාර අවලංගු වී ඇති බවය.

ඒ අනුව කොළඹ කොටුව සිට මොරටුව, පානදුර, වාද්දුව, මීගමුව, අඹේපුස්ස, පාදුක්ක සහ රාගම දක්වා සහ එම දුම්රිය ස්‌ථානවල සිට නැවත කොටුව දුම්රිය ස්ථාන වෙත පැමිණීමට නියමිත දුම්රිය ගමන්වාර මෙලෙස අවලංගු වී තිබේ.

(Ada derana)