හක්මන ඝාතකයා අත්අඩංගුවට

හක්මන ප්‍රදේශයේ සිදුවූ ඝාතනයට

සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සැකකරු 46 හැවිරිදි වියේ පසුවන හක්මන කහටගහකොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

හක්මන කහටගහකොරටුව ප්‍රදේශයේ දී 21 හැවිරිදි තරුණයෙකු ඊයේ තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබුණි.

පැරණි අමනාපයක් මත ඔහුගේ බාප්පා විසින් එම ඝාතනය සිදුකර ඇති බව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

කෙසේවෙතත් එම ඝාතනයට සම්බන්ධ සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඊයේ රාත්‍රියේ හක්මන ගල්කන්ද ප්‍රදේශයේ දී ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් හක්මන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

(Ada derana)