තවත් මනුෂ්‍ය ඝාතනයක්

කුරුවිට පොලිස් වසමේ කීරගල ප්‍රදේශයේ දී

පුද්ගලයෙකු විසින් තවත් අයෙකුට සිදුකළ පයින් පහරදීමක් හේතුවෙන් ඝාතනයක් සිදුව තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඊයේ (17) රාත්‍රී කාලයේ එම පුද්ගලයා බිමට වැටී සිහිසුන්ව රත්නපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කළ බවය.

එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 59ක් වූ කීරගල, කුරුවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මියගිය පුද්ගලයාගේ නිවස ඉදිරිපිට ට පැමිණි බීමත් පුද්ගලයෙකු ගිනිපෙට්ටියක් ඉල්ලා ඇති අතර, එය ලබාදීමට ප්‍රමාදවීම හේතුවෙන් බීමත් පුද්ගලයා විසින් නිවැසියන්ට පරුෂ වචනයෙන් බැන වැදී ඇත.

එහිදී මියගිය පුද්ගලයා විසින් එසේ නොකරන ලෙසට පවසා තිබේ.

එවිට බීමත් පුද්ගලයා විසින් නිවෙස්හිමියාට පයින් පහරදී ඇති අතර, ඔහු බිම වැටී සිහිසුන්ව සිටිය දී රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සිද්ධියට සම්බන්ධ සැකකරු පළාගොස් ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීමට කුරුවිට පොලීසිය පරීක්ෂණ සිදුකරයි.

(Ada derana)