මහා රන් භාණ්ඩ කොල්ලය - මුල්‍ය ආයතනයේම දෙන්නෙක් අත්අඩංගුවට

කලවාන නගරයේ පිහිටි පුද්ගලික මූල්‍ය ආයතනයක්

බිඳ රන්භාණ්ඩ සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (22) ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර එසේ අත්අඩංගුවට ගෙන අත්තේ, එම ආයතනයේම අලෙවි නිලධාරියෙකු හා රන් භාණ්ඩ අංශය භාර නිලධාරියෙකි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කලවාන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 26ත් 33ත් අතර වයස්වල පසුව පුද්ගලයින් දෙදෙනෙක් බව පොලීසිය පවසයි.

මූල්‍ය ආයතනයේ තිබූ රු 68,978,357ක් වටිනා මාල, මුදු, වළලු, බේස්ලට්, කරාබු, පෙන්ඩන් ඇතුළු රන් භාණ්ඩ කිලෝ 03 ග්‍රෑම් 770ක් හා කැමරා පද්ධතියේ ඩෙකෝඩරය සොරාගෙන ගොස් ඇති බවට එම ආයතනයේ වැඩබලන කලමණාකරු විසින් කලවාන පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් කලවාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

(Ada derana)