දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා අභාවප්‍රාප්ත වෙයි

රාජකාරී කටයුත්තක් අතරතුර ඇති වු හදිසි හෘදයාබාධ

තත්ත්වයක් හේතුවෙන් වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ. ඩබ්. බණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අනුරාධපුර ප්‍රදේශයේ පැවැත්වෙන උත්සවයක් සඳහා ගොස් සිටිය දී ඊයේ (22) රාත්‍රි ඇති වු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්ය.

එහිදී ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා මියගොස් ඇති බව අනුරාධපුර රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

මියයන විට 58 හැවිරිදි වියේ පසු වු ඒ මහතා මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු වන ඉංජිනේරු එච්.එම්.කේ.ඩබ්. බණ්ඩාර මහතා පසුගිය වසරේ නොවැම්බර් මස 04වන දා දුම්රිය සාමාන්‍යාධිකාරී ලෙස වැඩ භාර ගත්තේය.

ඔහු දුම්රිය දෙපාර්තමේන්තුවේ 32 වන දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වේ.

(Ada derana)