අල්ලස් ගත් ක්වාසි අධිකරණ විනිසුරුවරයා අත්අඩංගුවට

පුත්තලමේ ක්වාසි අධිකරණයේ විනිසුරුවරයෙක් රුපියල් 5,000ක

අල්ලක් ලබා ගැනීමේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුව ඔහුව පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

පුත්තලම වෙට්ටාලෙයි ප්‍රදේශයේ පදිංචිකාරියක් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව එම කොමිෂන් සභාව සඳහන් කළේය.

පුත්තලම ක්වාසි උසාවියෙන් ලබා දී තිබූ දික්කසාද නඩු තීන්දුවකට අදාළව දික්කසාද සහතිකය ලබාදීම සඳහා සැකකරු විසින් අල්ලස් මුදල ඉල්ලා තිබේ.

(Ada derana)