දියණිය සහ දියණියගේ මිතුරියට අතවර කළ පියා අත්අඩංගුවට

දොළොස් හැවිරිදි සිය දියණියට හා දියණියගේ

11 හැවිරිදි මිතුරියකට ලිංගික අතවර කළ බවට සැක පුද්ගලයෙකු වැල්ලවාය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගම්වාසීන් විසින් සිදුකළ දැනුම්දීමක් මත පොලීසිය විසින් සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව අදාළ පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වැල්ලවාය ප්‍රදේශයේම පදිංචි අවුරුදු 50ක පුද්ගලයෙකු වේ.

සැකකරුව වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැල්ලවාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

(Ada derana)