ඩුබායි කපිලගේ මත්කුඩු තොගයක් ජපුර සරසවිය අසලින් හමුවෙයි

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ඩුබායි කපිල නැමැත්තාට

අයත් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සොයාගෙන තිබේ.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාල අසල සිදුකළ වැටලීමක දී එම මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බව පොලීසිය සඳහන් කරයි.

සොයාගත් මත්ද්‍රව්‍ය අතර හෙරොයින් කිලෝග්‍රෑම් 13ක්, හෑෂ් කිලෝග්‍රෑම් 6ක්, කොකේන් ග්‍රෑම් 500ක් සහ රුපියල් මිලියන 1.5ක මුදල් ද වන බව වාර්තා වේ.

මේ අතර , විදෙස්ගතව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ පෙම්වතියක් බවට හඳුනාගෙන ඇති කාන්තාවක් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ, එම කාන්තාව මේ වනවිට රැඳවුම් නියෝග මත රඳවාගෙන ඉදිරි විමර්ශන සිදුකරන බවය.

(Ada derana)