සා පෙළ විභාගය අද ඇරඹේ

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ

විභාගය අද (06) ආරම්භ වේ.

විභාගය අද සිට ලබන  15 වනදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,527 කදී පැවැත්වීමට නියමිතය.

මෙවර විභාගය සදහා අයදුම්කරුවන් 452, 979 දෙනෙකු පෙනී සිටීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 

ඊට පාසල් අයදුම්කරුවන් තුන් ලක්ෂ 87, 648ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 65,331 දෙනෙකු ඇතුළත් වන බව සඳහන්ය.

අද ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගය සඳහා සියලු කටයුතු සූදානම් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේය.

විභාගය සඳහා ලබාදී ඇති ආරක්ෂාව සම්බන්ධයෙන් පැහැදිලි කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පවසා සිටියේ, ගිනිඅවි සහිත නිලධාරීන් පිරිසක් එම කටයුත්ත සඳහා යොදවා ඇති බවය.

එමෙන්ම ඍජුවම පොලිස් නිලධාරීන් 2,000ක් ආරක්ෂා වෙනුවෙන් කටයුතු කරන බවත් ඒ සඳහා අවශ්‍ය උපදෙස් පොලිස්පතිවරයා විසින් ලබාදෙන බවත් නිහාල් තල්දූව මහතා පැවසීය.

(Ada derana)