තවත් අබිරහස් කාන්තා මරණයක්

වැලිගම පොලිස් වසමේ, රාජගල, වැලිගම ප්‍රදේශයේ

පිහිටි නිවසක් තුළ කාන්තාවක් අබිරහස් ලෙස ඝාතනය කර ඇතැයි වාර්තා වේ.

ඊයේ  (06) රාත්‍රී 11.30ට පමණ මියගිය කාන්තාව රැඳී සිටි නිවසට නාඳුනන පුද්ගලයින් කිහිපදෙනෙක් ඇතුළු වී ඇති අතර, නිවසේ තිබූ වටිනා දේ මංකොල්ල කා ඇතැයි අනාවරණය වී තිබේ.

පසුව අදාළ කාන්තාවගේ අත්පා ගැට ගසා නිවස තුළ ඝාතනය කර අතර, එලෙස මියගොස් ඇත්තේ 78 හැවිරිදි කාන්තාවක් බව පොලීසිය පවසයි.

මියගිය කාන්තාව සිය සහෝදරිය හා ස්වාමිපුරුෂයා සමග ජීවත් වන අතර මොවුන් දෙදෙනා රාත්‍රී කාලයේ දි ප්‍රතිකාර ලබාගැනීම සඳහා වැලිගම නගරයට ගොස් නැවත නිවසට පැමිණෙන අතරතුර මෙම ඝාතනය සිදුව ඇත.

මියගිය කාන්තාවගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා මාතර රෝහලට රැගෙන ගොස් තිබේ.

වැඩිදුර පරීක්ෂණ කටයුතු වැලිගම පොලිස් ස්ථානය මඟින් සිදුකරනු ලබයි.

(Ada derana)