නාන තටාකයට වැටී පුද්ගලයෙක් මරුට

රඹුක්කන පොලිස් වසමේ කඩිගමුව ලබුගොල්ලවත්ත ප්‍රදේශයේ

පිහිටි හෝටලයක සේවකයෙකු එහි නාන තටාකයට වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඒ පිළිබඳ රඹුක්කන පොලීසියට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කළ බව ද පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ 37 හැවිරිදි පන්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය මේ වනවිට පේරාදෙණිය රෝහලේ තැන්පත් කර ඇත.

(Ada derana)