ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, ඌව සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම සහ වවුනියා දිස්ත්‍රික්කවලත් අද (11) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි අවදානමක් පවතින බව එම නිවේදනයේ දැක්වෙයි.
මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.
එම ප්‍රදේශවල ජනතාවට විමසිලිමත් වන ලෙසත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව ද අදාළ නිවේදනයේ තවදුරටත් දැක්වෙයි.
එම නිවේදනය අද (11) රාත්‍රී 11.30 වෙනතුරු වලංගු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
(Ada derana)