වසර දෙකක් තුළ නව නීති 75ක්

පසුගිය වසර 02 තුළ පමණක් නව නීති 75ක් සම්මත කර ගැනීමට

රජය කටයුතු කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ඒ අනුව දකුණු ආසියාවේ අලුත්ම නීති පද්ධතියක් ක්‍රියාත්මක වන එකම රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බවත් පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  දූෂණය පිටුදැකීම වෙනුවෙන් ද විප්ලවීය පියවර රැසක් ගෙන ඇති බව පැවසීය.

ජනාධිපතිවරයා ඒ බව පැවසුවේ තෙල්දෙණිය නව උසාවි සංකිර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අද (15) පෙරවරුවේ එක් වෙමිනි.

(Ada derana)