මත්ද්‍රව්‍ය සමග ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගැනුණු
පාකිස්තාන ජාතිකයින් 09 දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් වසර 10 බැගින් සිරදඬුවම් නියම කර තිබේ.
2020 වසරේ ජනවාරි මස 01 වනදා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ නාවික හමුදාව එක්වී සිදුකරන ලද වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 614යි ග්‍රෑම් 36ක් සහ මත්ද්‍රව්‍ය බවට සැක කරන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 581යි ග්‍රෑම් 34ක් සමග මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.
එම මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රස පරික්ෂක වාර්තාව ලැබී ඇති අතර එහිදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 900කට අධික ප්‍රමාණයක් එම පාර්සල්වල අඩංගු බවට අනාවරණය වී තිබේ.
ඒ අනුව නීතිපතිවරයාගේ උපදෙස් ලැබීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය හමුවේ සැකකරුවන්ට එරෙහිව නඩු පවරා තිබු අතර නඩුව කැඳවු අවස්ථාවේදී අදාළ පාකිස්තාන ජාතිකයින් වරද පිළිගෙන ඇති බව සඳහන් ය.
ඒ අනුව නියම කළ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා ඔවුන් පාකිස්තානය වෙත පිටුවහල් කිරීමට කටයුතු සිදුකරමින් පවතින බව පොලීසිය පැවසීය.
(Ada derana)