යතුරුපැදි අනතුරකින් එක් අයෙක් මරුට

කැකිරාව ශ්‍රාස්ත්‍රවේලී ප්‍රදේශයේ

සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලීසිය ප්‍රකාශ කළේ යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී ඊයේ (17) රාත්‍රි‍යේ එම අනතුර සිදුවී ඇති බවය.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරුවන් දෙදෙනා සහ පසුපැදිකරුවෙකු ප්‍රතිකාර සඳහා කැකිරාව රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමේදී එක් අයෙකු මියගොස් තිබේ.

මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බව පොලීසිය පවසයි.

මෘත ශරීරය දඹුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කැකිරාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

(Ada derana)