තැන තැන සිදුවන මනුෂ්‍ය ඝාතන

රත්නපුර සහ ලුණුගල යන ප්‍රදේශවලදී

මනුෂ්‍ය ඝාතන දෙකක් සිදුකර තිබේ.

පොලීසිය ප්‍රකාශ කළේ, රත්නපුර දොඩම්පේ ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවය.

සිය බාප්පා සමග ඇතිවූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් ඔහු විසින් තියුණු ආයුධයකින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බවට අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

මියගොස් ඇත්තේ 32 හැවිරිදි දොඩම්පේ ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු බව සඳහන්ය.

ඝාතනයට සම්බන්ධ සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා රත්නපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ අතර ලුණුගල ජනතාපුර ප්‍රදේශයේ දී සිය සැමියා විසින් බිරිඳ ඝාතනය කර තිබේ.

පවුල් ආරවුලක් හේතුවෙන් ඝාතනය සිදුකර ඇති බවට අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

මියගොස් ඇත්තේ 36 හැවිරිදි ජනතාපුර ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් බව සඳහන්ය.

ඝාතනයට සම්බන්ධ සැකකාර සැමියා ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ලුණුගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

(Ada derana)