විදුලිසැර වැදී ජීවිතයක් අහිමි වෙයි

කැබිතිගොල්ලෑව පොලිස් වසමේ යකාවැව ලඳු කැලෑ ප්‍රදේශයේ දී

පුද්ගලයෙකුට විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය පැවසුවේ, එලෙස මියගොස් ඇත්තේ 36 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක් බවය.

වන සතුන් දඩයම් කිරීම සඳහා අනවසරයෙන් අදින ලද විදුලි කම්බියක ගැටී එලෙස විදුලි සැර වැදී ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී තිබේ.

කැබිතිගොල්ලෑව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

(Ada derana)