වෙඩිතැබීමකට අනුබල දුන් අයෙක් අත්අඩංගුවට

පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීමට තැත් කිරීමේ

සිද්ධියක් සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

පසුගිය 08 වනදා අහුංගල්ලේදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමට උත්සාහ කර තිබූ අතර ඊට ආධාර අනුබල දුන් සැකකරුවෙකු ඊයේ (23) දින ඌරගස්මංහන්දිය ප්‍රදේශයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පදිංචි සැකකරු 28 වන වියේ පසුවන අතර ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 4ක් ද සොයාගත් බව පොලීසිය පවසයි.

අදාළ සැකකරු විසින් වෙඩිතැබීම සඳහා ඔත්තු බලා ඇතැයි පොලීසිය සැකකරයි. 

(Ada derana)