ගංවතුර අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ

අත්තනගලු ඔය ද්‍රෝණිය සහ කළු ගඟෙහි

කුඩා ගඟ උපද්‍රොණිය සඳහා නිකුත් කර තිබු ගංවතුර අනතුරු ඇඟවීම පැය 24කින් දීර්ඝ කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පසුගිය මැයි 20 වන දින නිකුත් කළ ගංවතුර නිවේදනය ඉදිරි පැය 24 දක්වා එනම් හෙට (25) රාත්‍රී 9 දක්වා දීර්ඝ කළ බවය.

මෙම තත්ත්වය දැඩි සැලකිල්ලට ගෙන කටයුතු කරන ලෙ අදාළ ප්‍රදේශවල ජනතාවට දැනුම් දෙන අතර,  එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන්ට ද සැලකිලිමත් වන ලෙස දැනුම් දී ඇත. 

(Ada derana)