කිලිනොච්චියට කාන්තා සෞඛ්‍ය පිළිබඳ විශිෂ්ටතා මධ්‍යස්ථානයක්

කිලිනොච්චි දිස්ත්‍රික් මහ රෝහලේ කාන්තා සෞඛ්‍ය සේවා සඳහා

වන විශිෂ්ටතා මධ්‍යස්ථානය (Centre of Excellence for Women’s Healthcare) අද (25) විවෘත කෙරුණි.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 5,320ක් වැය කර තිබේ.

නෙදර්ලන්ත රජය විසින් මේ සඳහා අරමුදල් සපයා ඇත.

දිවයින පුරා සෞඛ්‍ය සේවා පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා වන රජයේ වැඩසටහන යටතේ මෙය සිදුකර තිබේ.

(Ada derana)