අහුංගල්ල වෙඩිතැබීමේ සිද්ධියේ සැකකරුවෙක් හසුවෙයි

අහුංගල්ල වෙඩිතැබීමේ සිද්ධියට

සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කොස්ගොඩ පොලීසියේ නිලධාරීන් විසින් ඊයේ (26) දින බෙන්තර කහබිලියාකන්ද ප්‍රදේශයේදී සැකකරුව අත්අඩංගුවට ගෙන තිබුණි.

පොලීසිය සඳහන් කළේ සැකකරු සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 03යි මිලිග්‍රෑම් 410ක් ද තිබී සොයාගත් බවය.

36 හැවිරිදි සැකකරු නිල්ලපතන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පසුගිය 08 වනදා රාත්‍රී කාලයේදී අහුංගල්ල පොලිස් වසමේ බෝගහපිටිය ලෝකන්වත්ත ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් නිවසක සිටි පුද්ගලයෙකුට වෙඩිතබා මෙම ඝාතනය සිදුකර තිබුණි.

(Ada derana)