අවදානම නොතකා මුහුදු ගිය ධීවරයින් ට අත්වූ ඉරණම

බලපිටිය හරස්පල ධීවර තොටුපොළෙන් මුහුදු ගිය ධීවරයන් තිදෙනකු

රැගත් එක් දින ධීවර යාත්‍රාවක් පෙරළීම හේතුවෙන් දෙදෙනෙක් මුහුදේ ගිලී අතුරුදන්ව ඇති බව වාර්තා වෙයි.

මෙම අනතුර අද (28) උදෑසන 5.30ට පමණ සිදුවී තිබේ.

ඔවුන්ගේ යාත්‍රාව කාර්මික දෝෂයට ලක්වීම හේතුකොට ගෙන එය අලුත්වැඩියා කරමින් සිටියදී එය දැඩි රළ පහරට හසුවී පෙරළී තිබුණි.

එහිදී බෝට්ටුවේ සිටි තිදෙනා මුහුදට වැටී ඇති අතර ඉන් එක් අයෙක් දිවි බේරා ගෙන පිහිනා ගොඩට පැමිණ තිබූ අතර අනෙක් දෙදෙනා මුහුදේ ගිලී අතුරුදහන් වී ඇත. 

පසුව එක් අයෙකුගේ සිරුරක් වෙරළට ගොඩ ගසා තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ බලපිටිය විජේරාම මාවතේ පදිංචි 42 හැවිරිදි අර්ල් නිශාන්ත ද සිල්වා නමැති දෙදරු පියෙකි.

ඔහු ආබාධිත වූ යුද  හමුදා සෙබළෙකි. අතුරුදන්වී ඇත්තේ බලපිටිය බ්‍රාහ්මණවත්තේ පදිංචි ප්‍රදීප් ද සිල්වා නැමැති අයෙකි.

සිද්ධියෙන් දිවි බේරාගෙන ඇත්තේ එම බෝට්ටුවේ අයිතිකරු වන ළහිරු ගිම්හාන ද සිල්වා නමැති අයෙකි.

(Ada derana)