ගංඟා කිහිපයක ජල මට්ටම ඉහළට

ගංඟා කිහිපයක ජල මට්ටම තවදුරටත් ඉහළ මට්ටමක

පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එහි වාරිමාර්ග ඉංජිනේරු සකුරා දිල්තාරා මහත්මිය සඳහන් කළේ, මෙම තත්ත්වය ගැන දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙස පහත්බිම්වල වෙසෙන ජනතාවගෙන් ඉල්ලා සිටිය යුතු බවය.

"ලංකාවේ නිරිත දිග ප්‍රදේශ ඔස්සේ ගලා බසින අත්තනගලු ඔය, කළු, ගිං සහ නිල්වලා යන ප්‍රධාන ගංගාවන් අද උදෑසන වනවිටත් ඉහළ ජල මට්ටමක් වාර්තා කරනවා. විශේෂයෙන්ම කළු ගඟේ ඉහළ ධාරා ප්‍රදේශවලට එනම් රත්නපුර හා ඉන් ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් පැවතීම නිසා මේ වනවිට රත්නපුර හා ඒ අවට ප්‍රදේශවල ජනතාව අවධානයෙන් සිටිය යුතු මට්ටමට ළඟා වී තිබේ. විශේෂයෙන් අද දහවල් හා රාත්‍රියේ තද වැසි ඇති වුවහොත් මේ තත්ත්වය අනතුරුදායක තත්ත්වයකට පත්විය හැකිය. ගිං සහ නිල්වලා ගඟත් අවධානයෙන් සිටිය යුතු මට්ටමට ළඟා වී ඇති අතර ගංවතුර අවධානමක් නොමැති බව පැවසිය හැකියි."

(Ada derana)