රට බීම හලක් තුළ පුද්ගලයෙක් මරුට

රට බීම හලක් තුළ පුද්ගලයෙකු මියගොස්

සිටියදී පොලීසිය විසින් සොයාගෙන තිබේ.

ඒ ඊයේ (30) උදෑසන කාලයේදී බිබිල පොලීසියට ලැබුණු තොරතුරක් අනුවය.

මියගොස් ඇත්තේ 37 හැවිරිදි බෝගහමඩිත්ත හාලිඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මියගිය පුද්ගලයා රට බීම අලෙවිසැළක් පවත්වාගෙන යන අතර එහි සේවකයෙකු සමග ඇතිවූ බහින්බස්වීමකින් පසු සේවකයා විසින් යකඩ පොල්ලකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට විමර්ශනවලදී හෙළිවී ඇත.

සිද්ධියට සම්බන්ධ 34 හැවිරිදි සැකකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

(Ada derana)