මූල්‍ය අරමුදලෙන් දුන් සහතිකය

ශ්‍රී ලංකාවට තුන්වන ණය වාරිකය නිදහස් කිරීම

සම්බන්ධයෙන් ජුනි 12 වනදා රැස්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල රැස්වීමේදී තීරණය ගැනීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

X සටහනක් තබමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මේ බව සඳහන් කර තිබේ.

එදිනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන තුන්වන ණය වාරිකය සඳහා අනුමැතිය ලබාදීම  සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කර තිබේ.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා වූ සිව් අවුරුදු ණය වැඩසටහනක් යටතේ 2023 වසරේ මාර්තු මස 20 වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක ණයක් අනුමත කරන ලැබීය.

එහි පළමු වාරිකය පසුගිය වසරේ මාර්තු 21 වැනිදාත් ,දෙවැනි වාරිකය පසුගිය වසරේ දෙසැම්බර් මස 13 වැනිදාත් මුදා හැරියේය. 

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමේ පළමු වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 333ක් සහ දෙවැනි වාරික යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 330 බැඟින් ශ්‍රී ලංකාවට හිමිවූ අතර, තෙවැනි වාරිකයේදීද ඩොලර් මිලියන 330 ක් හිමිවනු ඇත.

(Ada derana)