වෙරළ තීරයේ දිය නාමින් සිටි විදෙස් යුවළක් දියේ ගිලී මරුට

කිරින්ද වෙරළ තීරයේ දියනාමින් සිටි

විදේශීය ජාතික කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, අදාළ කාන්තාව සහ පුද්ගලයා දියේ ගිලෙමින් සිටියදී බේරාගෙන රෝහල් ගත කරන අවස්ථාවේදී මියගොස් ඇති බවය.

මියගොස් ඇත්තේ 35 හැවිරිදි පුද්ගලයෙකු සහ 33 හැවිරිදි ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු බව පොලීසිය පැවසුවේය.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මියගිය දෙදෙනා අඹුසැමියන් වන අතර පවුලේ සාමාජිකයින් සමඟ සංචාරයක් සඳහා මෙරටට පැමිණි දියනාමින් සිටි අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති බවය.

මෘත ශරීර දෙබරවැව රෝහලේ තැම්පත් කර ඇති අතර කිරින්ද පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

(Ada derana)