විදුලි බිලේ අලුත් මිල ගණන් ඇමති හෙළිකරයි

ජූලි මාසයේ 1 වනදා සිට විදුලි බිල

අඩු කිරීමට යෝජනා කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ඒ අනුව ගෘහස්ත කාණ්ඩයේ පාරිභෝගිකයින්ට වැඩි සහනයක් ලබාදීමට නියමිත බවත් එම යෝජනාවට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිවනු ඇතැයි අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

ඒ අනුව ඒකක 0 - 30 අතර ඒකකයක මිල රුපියල් 8 සිට 6 දක්වා අඩු කිරීමට ද, ඒකක 30 - 60 අතර රුපියල් 20 සිට  9 දක්වා අඩු කිරීමටත්, ඒකක 60 - 90 රුපියල් 30 සිට 18 දක්වා අඩු කිරීමට ද, ඒකක 90 - 120 රුපියල් 50 සිට 30 දක්වා අඩුකිරීමටත් යෝජනා කර ඇති බව අමාත්‍යවරයා පැවසීය.

මේ අතර ආගමික ස්ථාන සහ කුඩා කර්මාන්ත සඳහා ද මෙම සහනය ලබාදීමට නියමිත බවත් එම යෝජනාව හෙට (07) හෝ සඳුදා දිනයේ දී මහජන උපයෝගීතා කොමිසම වෙත භාරදීමට නියමිත බවත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

(Ada derana)