අයහපත් කාලගුණයෙන් නිවාස 5587කට හානි

අයහපත් කාලගුණය හේතුවෙන්

මේ වනවිට නිවාස 5,587ක් හානියට ලක්වී තිබේ.

නිවාස 56ක් පුර්ණ හානියට ලක්වී ඇති අතර අර්ධ හානි සිදුවී ඇති නිවාස සංඛ්‍යාව 5,531කි.

ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු පුද්ගල මරණ සංඛ්‍යාව ද මේ වන විට 32ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එක් පුද්ගලයෙකු තවදුරටත් අතුරුදන්ව ඇති අතර තුවාල ලබා ඇති සංඛ්‍යාව 16කි.

පුද්ගලයින් 7,639 දෙනෙකු මේ වන විටත් සුරක්ෂිත මධ්‍යස්ථාන 1,973ක රඳවා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 63,413කට අයත් පුද්ගලයින් 239,006ක් බලපෑමට ලක්වී ඇති බවද සඳහන් ය.

(Ada derana)