විදුලි ගාස්තු ගැන උපයෝගිතා කොමිසමේ තීරණය ජූලි මැද

නව විදුලි ගාස්තු සංශෝධන සම්බන්ධයෙන්

ලංකා විදුලිබල මණ්ඩලය විසින් යොමුකර ඇති යෝජනාවලියට අනුමැතිය ලබාදීම ජූලි මස මැද බාගයේදී පමණ වියහැකි බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

එහි සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා පැවසුවේ, විදුලිබල මණ්ඩලයෙන් යොමුකර ඇති නව ගාස්තු සංශෝධන පිළිබඳ යෝජනාව සඳහා මහජන අදහස් ලබාගැනීමට ද අපේක්ෂා කරන බවය.

ඉන් අනතුරුව මහජන උපයෝගීතා කොමිසමේ අවසන් නිගමනය ලංකා විදුලිබල මණ්ඩලයට දැනුම්දෙන බව හෙතෙම සඳහන් කළේය.

එම අවසන් නිගමනය ලබාදීම ජුලි මස දෙවන සතිය වන විට සිදුකරන බව මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා පැවසුවේය.

කෙසේ වෙතත් විදුලිබල බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවසුවේ ජූලි මස 01 වනදා සිට විදුලි ගාස්තු අඩු කරන බවය.