කොළඹට බෙදන වතුර ගැන ජලසම්පාදනයෙන් අලුත් කතාවක්

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය

මඟින් බෙදා හරින ජලය පානය කිරීමෙන් කොළඹ අවට ප්‍රදේශවල ජනතාවට පාචනය හා වමනය යන රෝග තත්ත්වයන් වැලඳී ඇති බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එම මණ්ඩලය පවසයි.

එහි සහකාර සාමාන්‍යාධිකාරී ඒ.පී.ආර්.ජේ. විජේසිංහ මහතා සඳහන් කළේ, ජනතාවට පානීය ජලය සපයනු ලබන්නේ නිසි ක්‍රමවේදයෙන් යටතේ සිදුකරන පිරිපහදු ක්‍රියාවලියකින් අනතුරුව බවය.

"ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් සපයනු ලබන ජලය පවිත්‍රකරණයෙන් පසුව, නිරන්තරයෙන් රසායනාගාර පරීක්ෂණයකට භාජනය කරනවා. ඒ අනුව සිදුකරන පරීක්ෂණ අනුව ක්ෂ්ද්‍රජීව විද්‍යාත්මක පරීක්ෂණ ඒ වගේම රසායනික සියල්ල සිදුකරනවා. එම ජලය ශ්‍රී ලංකා ප්‍රමිතියට අනුකූලයි. ඒ අනුව ඔය කියන කිසිදු රෝගකාරක ක්ෂුද්‍ර ජීවින් අන්තර්ගත නොවන පිරිසිදු ජලය තමා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සපයන්නේ. ගංවතුර එක්ක මොන ජලය ආවත් අපි අදාළ පිරිසිදු කිරීම් කරලා ප්‍රමිතියෙන් යුතු පානීය ජලය තමා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සපයන්නේ. ඒ නිසා කිසිදු බියක් ඇති කරගත යුතු නෑ."