ගොඩගම ඇතුළු ප්‍රදේශ කිහිපයකට නැවත දැනුම්දෙනතුරු ජල සැපයුම නවතී

කලටුවාව ජලාශයේ සිට ජලය රැගෙන එන

නලයක් පුපුරා යාම හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට යළි දැනුම් දෙනතුරු ජල සැපයුම අත්හිටුවා තිබේ.

ඒ අනුව ගොඩගම, හෝමාගම, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත සහ මත්තේගොඩ යන ප්‍රදේශ වල ලක්ෂයකට අධික නිවාස ඒකක සඳහා මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.

හයිලෙවල් මාර්ගයේ ගොඩගම මංසන්ධිය ආසන්න  ප්‍රදේශයක දී මෝටර් රථයක් ජල නලයේ වැදී අනතුරට ලක් වීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වි තිබේ.

අද (17) අලුයම සිට අදාළ අනතුර සිදුවු ස්ථානයේ ජල නලයෙන් විශාල ජල කඳක් ඉහළට විසිකරමින් පවතින අතර ජලයේ වේගය හේතුවෙන් එම ස්ථානය අසල ඇති විදුලි කණුවක් ද මාර්ගයට කඩා වැටී ඇති බව ද සඳහන් වේ.

මේ අතර අනතුරට පත් මෝටර් රථයේ ගමන් කරමින් සිටි සිව් දෙනා සුළු තුවාල ලබා හෝමාගම මුලික රෝහලට ඇතුළු කර තිබේ.

(Ada derana)