පාසල් අනධ්‍යයන සේවකයින් ලෙඩවෙයි

දිවයින පුරා අධ්‍යාපන අනධ්‍යයන සේවකයින් අද (24)

සහ හෙට (25)  දින අසනීප නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය පවසයි.

ඒ අනුව මහනුවර, උතුරු මැද සහ වයඹ යන ප්‍රදේශ තුළ අද දින එම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වේ.

අධ්‍යාපන අනධ්‍යයන සේවාවට ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බව එම සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් කේ තිලකරත්න මහතා පැවසුවේය.

මේ අතර විදුහල්පති සේවා සංගමයේ ජාතික සංවිධායක සිසිර රාජපක්ෂ මහතා පැවසුවේ එළැඹෙන 26 වනදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බවයි.

කෙසේවෙතත් පොසොන් නිවාඩුවෙන් අනතුරුව සුපුරුදු පරිදි අද දිනයේ සිට රජයේ පාසල් සාමාන්‍ය පරිදි පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනවක් නිකුත් කරමින් ඊයේ පැවසීය.

(Ada derana)