ස්කොට්ලන්තය විසිවෙයි

2024 යුරෝපීය කුසලාන පාපන්දු තරගාවලියේ

අවසන් 16 දෙනා අතරට පිවිසීමට ස්කොට්ලන්තය අසමත් විය.

ඒ ඔවුන් හංගේරියාව සමග පැවති තරගය 1ට බිංදුවක් ලෙස පරාජය වීම හේතුවෙනි.

ස්කොට්ලන්තය සහ හංගේරියාව අතර පැවති තරගය ඉතා උණුසුම් මුහුණුවරක් ගත් අතර හංගේරියාව වෙනුවෙන් තරගයේ 100වැනි මිනිත්තුවේදී කෙවින් සොබෝත් ජයග්‍රාහී ගෝලය වාර්තා කළේය.

(Ada derana)