නිවසක් තුළ අබිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ සිරුරක්

පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් මැදිරිගිරිය

පොලිස් වසමේ දහම් වැව ප්‍රදේශයේ පාළු නිවසක් තුළ තිබී අබිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් සොයාගෙන තිබේ.

එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 49ක් වූ විවාහක පුද්ගලයෙකි.

එම පුද්ගලයාගේ නාසයෙන් සහ කනින් අධික ලෙස ලේ වහනය වී ඇති බව එම ස්ථානයට ගිය අප වාර්තාකරු පැවසීය.

ගෙල වැලලාගැනීමකින් මියගිය බවට කිසිදු සාක්ෂියක් සිරුර හමුවූ ස්ථානයෙන් සොයාගැනීමට නොහැකි වී ඇති අතර, මැදිරිගිරිය පොලීසිය සඳහන් කර ඇත්තේ අදාළ මරණය සැකසහිත බවය.

ඒ අනුව මෘත ශරීරය වැඩිදුර පරීක්ෂණ සඳහා පොළොන්නරුව අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් මැදිරිගිරිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.

(Ada derana)