නිවිතිගල වෙඩිතැබීමක්

නිවිතිගල පොලිස් වසමේ පාතකඩ ප්‍රදේශයේ

පුද්ගලයෙකුට වෙඩිතැබීමක් සිදුකර තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කළ බවය.

වෙඩිතැබීමෙන් අවුරුදු 38ක් වූ දික්ඕවිට වත්ත, පාතකඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් තුවාල ලබා තිබේ.

තුවාලකරු විවාහක අයෙක් වන අතර එම පුද්ගලයා පදිංචි නිවසේ මිදුලේ ඥාති පුත්‍රයෙක් සමග රැඳී සිටිය දී මුහුණ ආවරණය කර ආරක්ෂිත හිස් වැසුමක් පැළඳ පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු පාගමනින් පැමිණ වෙඩි තබා පළාගොස් ඇත.

වෙඩි වැදීමෙන් එම පුද්ගලයාගේ පාදයකට තුවාල සිදුව ඇති අතර ඔහුව නිවිතිගල රෝහලට ඇතුළත් කර තිබේ.

වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය පවසයි.

(Ada derana)