වතු වැටුප් පෙත්සම කැඳවීම නොවැම්බර්

වතු කම්කරු වැටුප් වැඩි කරන ලෙස නියම කරමින්

කම්කරු අමාත්‍යවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා වැවිලි සමාගම් විසින් ගොනු කර තිබූ පෙත්සම නොවැම්බර් මස 08 වනදා විභාගය සඳහා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (26) නියෝග කළේය.

ආගරපතන වැවිලි සමාගම ඇතුළු වැවිලි සමාගම් 21 ක් විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණි.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකාරණා මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

(Ada derana)