පාලනයෙන් ගිලිහී ගිය මෝටර් රථය - 09ක් මරුට

දකුණු කොරියාවේ සෝල් අගනුවරදී මෝටර් රථයක්

පදිකයින් පිරිසකගේ ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් තිබේ.

අනතුරින් තවත් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අදාළ මෝටර් රථය වැරදි දිශාවෙන් ධාවනය කර ඇති අතර පදිකයින්ගේ ගැටීමට පෙර එය තවත් වාහන 02ක ගැටී ඇති බව සඳහන්ය.

අනතුරු සිදුවූ ස්ථානයේදීම පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් තිබේ.

අනතුර සිදුකළ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පවසා ඇත්තේ එකවරම මෝටර් රථයේ වේගය වැඩි වූ බවය.